සේවක මණ්ඩලයට නිවසේ සිට වැඩ කිරීම හෙට සිට
රටේ පවතින තත්වය නිසා අපගේ සේවක මණ්ඩලයට නිවසේ සිට වැඩ කිරීමට හෙට සිට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී ඇත එසේම ඔබට අප ලබා දී පොරොන්දු ඉටුකිරීමට අප බැඳී සිටින්නෙමු..
ඒ සදහා අපගේ සේවක මහතුන් ස්ථාපිත සූර්ය පැනල පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරන්නෙමු.අවශ්‍ය විටකදී ඔබගේ සුර්ය බලපද්ධිතියේ කිසියම් දෝෂයක් තිබුනහොත් අපගේ Entek Lanka system එකෙන් ස්වංක්‍රියම ඔබට SMS පණිවිඩයක් ලැබේ. ඒ පමණක් නොවේ ඔබගේ පද්ධතිය භාර Project Engineer ට එම පණිවිධයම ලැබී ඉතා සුළු මොහොතකින් අවශ්‍ය පියවර ගන්නෙමු.
හදිසි බිඳවැටීම් කණ්ඩායම ඔබගේ නිවසට පැමිණීමකදී හැකිතාක් නිවසට තුළට ඇතුළු නොවී අදාළ කටයුතු සම්පූර්ණ කිරීමට මෙන්ම ඔබගේත් ඔවුන්ගේත් ආරක්ෂාවට මුහුණු ආවරණ සහ ඇල්කොහොල් අඩංගු දැත් පිරිසිදු කරන බෝතල් මගින් නිතර දෑත පිරිසිදු කරගන්නා ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී ඇත.තවද ඔබගේ ආරක්ෂාව සදහා ඔවුන් අප ආයයතනයේ හැදුනුම්පත පැළද සිටීම අනිවාර්ර්ය වේ. මේ පින්තුර මගින් අප විසින් වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කර ඇති අයුරු ඔබට පසක් කර ඇත. අප සියලු දේ සිදු කරන්නේ ඔබගේ ආරක්ෂාව සදහාය.
මෙයට Entek Lanka කළමනාකරිත්වය.